නඬු කැදවීම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි අත්‍යවශ්‍ය නඩු පමණක්, විවෘත අධිකරණයේ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝකර තිබේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයේ කැඳවීම ලබන 03 වනදා දක්වා දීර්ඝකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා සඳහන් කළේය.

එලෙස විවෘත අධිකරණයේ කැඳවීමට අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය නඩු අදාළ පාර්ශවකරුවන්ට දැනුම්දීමෙන් පසු සහ මෝසමක් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව කැඳවිය හැකි බව ඒ මහතා පවසයි.

එම නඩු විභාගයන් පෙරවරු 11.00ට ආරම්භකරන බව ඔහු පැවසීය.

ඒ අනුව, විනිසුරුවරයාගේ අවසරයකින් තොරව අදාළ නඩුවලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුළුවිය නොහැකි බවත් සියලුම නීතීඥවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *