“දේශපාලනය සැබෑ ජනතා සේවයක් කරන එක් පියවරක් ගත්තා”- අධිකරණ අමාත්‍ය

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ දේශපාලනය සැබෑ ජනතා සේවයක් බවට පත් කිරීමේ එක් පියවරක් ලෙස බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය  නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප්(ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත(දෙවැනි වර කියැවීමේ) විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.

“මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කරන්නට හේතු පාදක වූ කරුණු මොනවාද? ඕනෑම රටක නීති හැදෙන්නේ සමාජයක් ලෙස සාමූහිකව ජීවත්වන විට සාමුහික වටිනාකම් සදාචාර පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිණිසයි.සෑම නීතියක් පිටුපසම යම් සදාචාර සම්පන්න අරමුණක් තිබෙනවා.

වසර පහක් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර දායක නොවන විශ්‍රාම වැටුපක් ලබා ගැනීම වැරැදි බවට විශාල ජනමතයක් ගොඩනැගී තිබුණා.ජනතාව දිගින් දිගටම දුටුවේ රටේ ජනතා මුදල් අව භාවිත කරන පිරිසක්.අප හැදිය යුත්තේ ජනතාවට අවශ්‍ය නීති.නමුත් ජනතාව දුටුවේ කුමක්ද? පාර්ලිමේන්තුවක් පත්වෙනවා සියලු වරප්‍රසාදද ගන්නවා.සාජ්ජ දමමින්  මහජන බදු මුදල් විනාශ කරන පාර්ලිමේන්තුවක් ජනතාව දුටුවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *