දින 14ක් නිරෝධායනයේ යෙදුණු අය තවත් දින 14ක් නිරෝධායනයේ යෙදෙන්න – යුධ හමුදාපති

නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන කාල සීමාවක් අවසන් කර නිවෙස් බලා ගිය සහ නිවසේ සිට ස්වයං නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටින පුද්ගලයින්ට නැවතත් දින 14ක කාලයක් සිය නිවෙස් වලදී නිරෝධායන ක්‍රියාවලියකට යොමුවන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී සිටිනවා.

දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වී නිවෙස බලා ගිය ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඉන් දින 07කට පසුව කොරෝනා වෛරසය වැලදී ඇති බවට වාර්තා වීමත් සමග යුධ හමුදාපතිවරයා මෙම ඉල්ලීම සිදු කරන ලදී.

නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන පුද්ගලයින්ට තවත් දින 14ක කාලයක් සිය නිවසේදීම නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය බලධාරින් උපදෙස් ලබාදී තිබෙන බව පැවසූ යුධ හමුදාපතිවරයා ඊට අනුගත වන ලෙස සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *