දැවැන්තම ගුවන් සේවය වන “එමිරේට්ස්” මගී ගුවන් කටයුතු මාර්තු 25 සිට අත්හිටුවයි

කොවිඩ් 19 වෛරසය හමුවේ ගුවන් ගමන් සදහා බලපා ඇති තත්වයන් මත එමිරේට්ස් ගුවන් සේවය සියලුම මගී ගුවන් සේවා කටයුතු මාර්තු 25 වැනිදා වන විට තාවකාලිකව නවතා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. කෙසේ වෙතත් ස්කයි කාර්ගෝ (SkyCargo) මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යන බවට එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

එමිරේට්ස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් පවසා සිටියේ ලොවපුරා ව්‍යාප්ත ජාලගත ගුවන් සමාගමක් ලෙස, රටවල් තම දේශසීමා නැවත විවෘත කරන තෙක් සහ සංචාරකයින්ගේ විශ්වාසය නැවත ඇතිවන තෙක් ගුවන් මගී සේවා ක්‍රියාත්මක කළ නොහැකි තත්වයකට තම සමාගම පත්ව ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය අද (22) මේ බව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *