දැනට පවතින තත්වය අනුව රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නෑ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, මේ වනවිට පවතින තත්වයට අනුව රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටී.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසා සිටින්නේ කොවිඩ් මාර්ගෝපදේශ පිළිපදිමින් මහජනතාව සහයෝගය ලබාදෙන්නේ නම් මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කළ හැකි බවයි.

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර තවදුරටත් ව්‍යාප්තවීම වළක්වාගත හැකි ආකාරය පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *