මෙරට තීරණාත්මකම ජනපතිවරණය සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 28ක් පමණි. ඒ අනුව මෙරට 7වැනි විධායක ජනපතිවරයා තවත් දින 28කින් පසු ශ්‍රී ලංකාවේ පාලනය සියතට ගනු ඇත. ඒ සඳහා අප තෝරාගන්නේ කවුද? තෝරාගත යුත්තේ කවුද? සුවහසක් ශ්‍රි ලාංකිකයන් කෝටි එක හමාරකගේ පමණ සිත් සතන්තුළ මේවනවිටත් ඔඩුදුවමින් පවතින පැනය එයයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රකාශිත මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගත යුතුය. එසේ නොවුව හොත් දෙවන මනාපයද, එයිනුත් අවශ්‍ය ඡන්ද ප්‍රමාණය යම් අපේක්ෂකයකු ලබා නොමැත්තේ නම් තුන්වන මනාපය ද ගණන් කිරීමට සිදු වේ. මීට පෙර පැවැත්වුණු ජනපතිවරණ හතෙහිදීම ජයග්‍රහණය කළ අපේක්ෂකයන් ප්‍රකාශිත මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50%කට වඩා ලබාගත් හෙයින් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාව පැනනැඟුණේ නැත.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 35 කි. එසේවූවද ජනාධිපතිවරණ බල අරගලයේ ඉදිරියෙන් සිටින්නේ අපේක්ෂකයන් දෙදෙනකු පමණක් බව මැතිවරණ පොර පිටිය දෙස බලන විට පෙනී යන්නේය. එනම් එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස හංසයා ලකුණින් ඉදිරිපත් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාය. අනෙක් අපේක්ෂකයන් අතුරින් මැතිවරණ වේදිකාව තුළ යාන්තමින් හෝ නම් සඳහන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක යන දෙදෙනා ගැන පමණි. නමුත් මේ වනවිට විකල්ප අපේක්ෂකයින් එකට එකතුවන ලකුණුද පෙන්නුම් කරයි. ඒ බවට ඉඟියක් ජාතික සංවර්ධන පෙරමුණේ ජනපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත විසින් පසුගියදා සඳහන් කර තිබිණි.
ජනපතිවරණයේදී තීරණාත්මක පාවෙන ඡන්ද තමන් දෙසට යොමු කරගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාම දැඩි වෙහෙසක් ගනිමින් සිටී. ස්ථිර ඡන්ද පදනම ගත්විට ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිටත් ඉදිරියෙන් සිටියත් සුළු ජාතික ඡන්ද සහ තවත් අලුත් ඡන්ද හැරෙන දිශානතිය අනුව මෙවර ජනපතිවරණයේ ජයග්‍රාහකයා තීරණයවීමට ඉඩකඩ තිබේ. ඒ අනුව පාවෙන ඡන්ද හරහා සිය ගොඩ වැඩිකරගැනීමට මේ වනවිට ප්‍රධාන අපේක්ෂකයින් පවත්වන ජනරැලි හා ජන හමුවලදී වැඩි අවධානය යොමුකරමින් සිටී.
ජනපතිවරණ සමයේ සිදුවන විශේෂ සිදුවීම් හේතුවෙන්ද ඡන්ද එහා මෙහා වීම් සිදුවිය හැකිය. පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ මාධ්‍ය හමුව හේතුවෙන් බොහෝ දෙනකු කියා සිටියේ ඡන්ද සංඛ්‍යාව අඩුකරගැනීමට එහිදී ඇතිවූ ඇතැම් සාකච්ඡා හේතුවිය හැකි බවයි. නමුත් අදාළ සාකච්ඡාව සම්පූර්ණයෙන් ඇසූවකුට ඒ සම්බන්ධ ගැටලුවක් පැන නොනගිනු ඇත. ඇතැම් මාධ්‍ය හුවා දක්වනුයේ තම අපේක්ෂකයාට වාසි වන අන්දමේ කොටස් පමණක් බැවින් වැරදි මතවාදයන් පොදුජනයා අතර සමාජගත කිරීමට මාධ්‍යයට හැකියාව ලැබේ. එසේම නැගෙනහිර පළාතේ හිස්බුල්ලා හා ගෝඨාභය ඈඳමින් ගෙනයන කටකථා හා මඩ ප්‍රචාර හේතුවෙන් නැගෙනහිර ජනතාව නොමග යැවීමට උත්සාහ කරනු දැකිය හැකිය. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතුවලට පවා යෑමට මේ හේතුවෙන් පොදුජන පෙරමුණු නියෝජිතයන්ට සිදුවිය. මේ හරහාද සජිත් ප්‍රේමදාසට වාසි සකසා ගැනීමේ ආණ්ඩුවේම උත්සාහයක් ව්‍යාප්තව ඇතැයි වාර්තා වේ. නමුත් මෙයද පාරාවළල්ලක් බවට ඊයේ(18) පත්වූයේ සජිත් පාර්ශ්වයේ සුළු ජාතික ඡන්ද වෙනුවෙන් විශාල බරක් දරා කටයුතු කරන වත්මන් ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් වන රවුෆ් හකීම් ත්‍රස්ත නායක සහරාන් සමග සාකච්ඡා කරන වීඩියෝවක් පිටවීම හේතුවෙනි. රවුෆ් හකීම්ට විරුද්ධව පැමිණිලි කළේද මුස්ලිම් සංවිධානයක් විසිනි. ඒ සහරාන් හෂීම් සමග 2015 මැතිවරණ සමයේදී හකීම් කාත්තන්කුඩියේදී සාකච්ඡා පවත්වන ආකාරය සටහන් වීඩියෝවක්ද ඉදිරිපත් කරමිනි. ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාවේද සාමාජිකයකු වන රවුෆ් හකීම්ට එල්ල වී ඇත්තේ සුළු පටු චෝදනාවක් නොවේ. නමුත් මේ වනතුරු ආණ්ඩුව ත්රස්තවාදීන් හා ඔවුන්ට සම්බන්ධ අය ගැන ක්‍රියා කළ ආකාරය දෙස බලන විට හකීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් හෝ නොවනු ඇතැයි බොහෝ අය මත පළ කරති.
දේශපාලන විචාරකයින්ගේ දැක්මට අනුව එම සිදුවීම හේතුවෙන් බොහෝ ඡන්ද හා සුළු ජාතික ඡන්දද සජිත්ට අහිමිවීමේ අවස්ථාව වැඩිය. එසේම දෙමළ නායකයින් පසුගියදා ඉදිරිපත් කළ රට බෙදන යෝජනා පිළිබඳ සමස්ත රටේම අවධානය යොමුව පවතී. ඊට එකඟ වන නායකයින් කවුදැයි රටම බලාසිටින අවස්ථාවක අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ සහාය තමන්ට ලැබෙනු ඇති බවයි. නමුත් සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ වේදිකාවේ කියා සිටියේ කිසිදු ගිවිසුමකට හෝ කොන්දේසියකට තමන් එකඟ නොවන බවයි. ඒ අනුව එකම පිළේ දෙපිරිසක් මත දෙකක් ඉදිරිපත් කරමින් ජනතාවගෙන් සැඟවීමට උත්සාහ කරන්නේ කුමක්ද යන්න පිළිබඳ බොහෝ දෙනා අවධානයෙන් සිටින අතරම දෙමළ සන්ධානය මස් රාත්තලම ඉල්ලමින් කල දුටු කළ වළ ඉහගැනීම ඉහළින්ම සිදුකිරීමට මාන බලමින් සිටී. ඒ අනුව දෙමළ සන්ධානයේ සහාය පළවුවහොත් ඒ පිළිබඳ විමසිලිමත්වීම ඉතාමත් අවශ්‍යය.
සජිත් පාර්ශ්වයට අවාසි සහගත දේ සිදුවෙමින් පවතින සමයක ඔහුගේ ඇතැම් කථා හේතුවෙන් ද බොහෝ ඡන්ද කැඩෙන බව එම පාර්ශවයේම පිරිස් පෙන්වා දෙති. සුරඟන කථා බඳු එම කථා නිසා රැවටෙන පිරිස් නැති බවත් බුද්ධිමත් දේශපාලනයක් කළ යුතු බවත් ඔවුහු කියා සිටිති. විශේෂයෙන්ම බදු බර අඩු කිරීම ගැන විපක්ෂයෙන් මත පළවෙද්දී සජිත් ප්‍රේමදාසද කාබන් බද්ද අහෝසි කරන බව කීවේය. ඒ සමගම මංගල සමරවීර මුදල් ඇමැතිවරයා තමාම පැනවූ කාබන් බද්ද අහෝසි කරන තත්ත්වයට පත්විය. ඒ ඡන්ද කුට්ටියක් කඩා ගැනීමේ බලාපොරොත්තුවෙනි. කෙසේ හෝ ජනතාව පිට පැටවූ බදු බර අඩුවීම ධනාත්මකය.
පසුගිය සතියේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප ඉහළ පෙළේ නායකයින්ගේ හමුවක් පැවැති අතර එහිදී වාර්තා වූයේ සජිත්ට ඇත්තේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව ඉන්දීය සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී ඇති බවයි. අගමැතිවරයා එය ඉදිරිපත් කරමින් සජිත් හමුවේ ඇති අභියෝග පෙන්වා දී ඇත. එහිදී ගෝඨාභයගේ නියත ජය පැහැදිලිවී ඇතැයි අදාළ වාර්තා පෙන්වා දී ඇත. එසේම මෙම තත්ත්වය මත ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළවල්ද ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබේ. එහිදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ගෝඨාභය ප්‍රවර්ධනය කරන පිටු හා කණ්ඩායම් මර්දනය දක්නට ලැබේ. ගෝඨාභයගේ රුව සහිත පෝස්ට් පවා ඉවත්වන ආකාරයෙන් කටයුතු සිදුවන බවට චෝදනා ඇත. එසේම වරදාන වරප්‍රසාද දී ජනතාව නම්මවාගැනීමේ වැඩසටහන්ද දියත්වේ. ඊට හොඳම උදාහරණය පසුගියදා දයා ගමගේ ඇමැතිවරයාට එරෙහිව එම අමාත්‍යංශයේම ලේකම්වරයා කළ පැමිණිල්ලයි. නිවාස සංවර්ධන අධිකාරියේ පත්වීම්, සිමෙන්ති කොට්ට බෙදීම මෙන්ම යාපනය ගුවන්තොටුපළ හදිසියේ විවෘත කිරීමද ඡන්දය බලාගෙන කළ දේවල් බව බොහෝ දෙනා ප්‍රකාශ කරති.
මේ අනුව ඉදිරි සති දෙක තුන දේශපාලන පිටිය තවත් උණුසුම් කරවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එමෙන්ම එජාප ප්‍රබලයකු පිල් මාරුකරන බවටද කථාවක් පැතිරී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී දැකගත හැකිවනු ඇත. කෙසේ හෝ රටේත් ජාතික ආරක්ෂාවේත් සියලු බලාපොරොත්තු හා ආගම සංස්කෘතියේ අභිවෘද්ධිය යන සියලු දේ පිළිබඳ සිතමින් අනාගතය සම්බන්ධ තීරණයක් ගැනීමට සමස්ත ශ්‍රී ලාංකිකයන්ට තවත් ඉතිරිව ඇත්තේ දින 26ක් පමණි.
Very insightful….look frontward to coming back again.|
I love this website – its so usefull and helpfull.|
Thank you so much! This is definitely an remarkable site.|
}
Wow cuz this is great job! Congrats and keep it up.|
Wow cuz this is very excellent job! Congrats and keep it up.|
Astonishingly user friendly site. Immense details available on couple of clicks.|
The info is really intriguing.|
Neat Web-site, Maintain the very good job. With thanks.|
Quite enlightening look forth to coming back.|
Wow cuz this is excellent job! Congrats and keep it up.|
I value the data on your site. Appreciate it!|
Wow cuz this is great work! Congrats and keep it up.|
You’ve gotten one of the best online websites.|
You’re a very useful website; couldn’t make it without ya!|
I treasure the content on your web site. With thanks!|
Thanks really valuable. Will share website with my good friends.|