ත්‍රීරෝද රථ රියැදුරන්ට හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ට දීමනාවක්

විවිධ පිරිස් වර්ගීකරණය කර රජය විසින් ලබා දුන් රුපියල් 5,000 ක සහන දීමනාව ත්‍රීරෝද රථ රියැදුරන්ට හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ත්‍රීරෝද රියදුරන් හා පාසැල් සිසුන් ප්‍රවාහන සේවා කටයුතුවල නිරතව සිටින පුද්ගලයින් නියාමනය කිරීම පළාත් සභා විෂය පථය යටතේ ගැනෙන්නක් වේ. නමුත් ත්‍රිරෝද රියදුරන්ගේ ඇතැම් සංගම් මෙන්ම පාසැල් සිසුදරුවන් ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින රියදුරන් විසින් එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් තමන්ගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *