තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවක දී මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති රැස්වීමක් සඳහා සහභාගිවීමට ගිය අවස්ථාවේ කාදර් මස්ථාන් මහතා ඇන්ටිජන් පරීක්ෂණයට මුහුණ දී ඇත.

කෙසේවෙතත් මන්ත්‍රීවරයා පීසීආර් පරීක්ෂණයක් සඳහා ද යොමුවී ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *