ඩොලර් බිලියනයක් විදේශයට යැවීමේ චෝදනා: පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

භාණ්ඩ කිසිවක් ශ්‍රී ලංකාවට ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් විදේශයට මාරු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක මුදල් හුවමාරු ආයතනයක් හරහා මෙම දැවැන්ත විදේශ විනිමය මාරුව සිදුකර ඇති බවට ලැබුණු තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ අදාළ මුදල් බැංකු ගිණුම් සහ මාර්ග කිහිපයක් ඔස්සේ විදේශයන් වෙත මාරු කර ඇති බවට විමර්ශනවලදී සැක මතුව ඇති බවයි.

එතරම් විශාල මුදලක් ශ්‍රී ලංකාවට අනුරූප ආනයන කිසිවක් සිදු නොකර විදේශයට මාරු වූ ආකාරය සහ ඒ සඳහා බැංකු පද්ධතිය තුළින් ලබාදුන් සහාය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම සඳහා FCID විමර්ශන සිදුකරමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අඛණ්ඩව සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *