ටින් මාළු සහ පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 ක් නීතියේ රැහැනට

පරිප්පු හා ටින් මාළු පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු පිටකොටුව , නාරාහේන්පිට , බම්බලපිටිය , කොල්ලුපිටිය , මොරටුව , රත්මලාන සහ මහරගම යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වලදී ඊයේ (05) සහ අද (06) දිනයේ පාරිභෝගික අධිකාරිය මගින් නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.

රුපියල් 65 අලෙවි කරන පරිප්පු කිලෝව රුපියල් 140 ට සහ රුපියල් 165 ටත් රුපියල් 100 ක් වන ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 205 සිට 256 දක්වා මිලකටත් මෙම වෙළඳුන් විසින් වැඩි මිලට අලෙවි කර ඇත.

මෙම වෙළඳුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද පාරිභෝගික අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ ඒ ජසුල් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *