ජූනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකියි – මහින්ද දේශප්‍රිය

රට තුළ දැනට පවතින තත්ත්වය මත ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

සෞඛ්‍යය අංශ ඇතුළු කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් මත මහමැතිවරණය ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකි බවත් මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසා සිටියේ. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ස්වාධිපත්‍යය බලය හා ජන්ද අයිතිය වෙනුවෙන් කැපවෙන බවත් නීතිඥ සාලිය පීරිස් පවසා සිටියා.

කොරෝනා වසන්ගත තත්ත්වයක් යටතේ ඇති සෞඛ්‍ය අවදානමක් හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උපදේශන මාලාවක් සෞඛ්‍ය අංශ සමග එක් වී මේ වන විට සකස්කරමින් සිටින බවත් නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *