ජීවිත තර්ජන ඇති බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කෙරේ

අපරාධ කල්ලි සාමාජිකයින් විසින් මරණ තර්ජන එල්ල කර ඇති බන්ධනාගාර කොමසාරිස්වරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

ඉකුත්දා බූස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනෙකුට බන්ධනාගාර ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයින් විසින් මරණ තර්ජන එල්ල කර තිබූ අතර එම තත්වය සැලකිල්ලට ගෙන එම නිලධාරීන්ගේ ආරක්ෂාව මෙලෙස වැඩිකර ඇති බව බන්ධනාරගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව බන්ධනාගාර පාලන සහ පුනුරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, බන්ධනාගාර බුද්ධි අංශ කොමසාරිස් තුසිත උඩුවර සහ බුද්ධි අංශ සහකාර කොමසාරිස් ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරුන්ගේ ආරක්ෂාව මෙලෙස ඉහළ දමා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *