කතරගම පෙරහරට සහභාගි වන්නන් PCR පරීක්ෂාවට ලක් කිරීමට පියවර

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වීමට නියමිත ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගීවන්නන්පි පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇති බව මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වාර්තා කර සිටියි.

ඒ අනුව ඊයේ සිට පෙරහැර මංගල්‍යයට සහභාගි වන ආරක්ෂක අංශ ඇතුලු සියළු අනෙකුත් සියලු අංශයන්ගෙන් අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් 50 දෙනෙකු දිනක් හැර දිනක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන බවයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසන්නේ. එමෙන්ම පෙරහැර මංගල්‍යයට සහභාගි වන සියලුම නිලධාරීන්ගේ සියලුම විස්තරද ලබා ගැනීමටද නියමිත බව ඒ මහතා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *