අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පැකට් කර නැවත විකුණලා

පොලිස් විශේෂ කාර්ය බලකායේ ඇතැම් නිලධාරීන්, ජාවාරම්කරුවන්ට මුදලට ආරක්ෂාව ලබාදී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ඊයේ (21) පවසා සිටියා.

එහිදී අනාවරණය වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාවිතා කර ඇති සැටලයිට් දුරකථන 3 කට අදාළ බිල් ගෙවා ඇත්තේ ඩුබායි සහ සිංගප්පුරුවේ සිට බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ බෝට්ටුකරුවන් හරහා සිදුකළ කුඩු ජාවාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් 2013 වසරේ සිට සිදුකරගෙන ගොස් ඇති බවටත්, 2017 වසරේ සිට එය සක්‍රීයව සිදුවී ඇති බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

එමෙන්ම නාවික හමුදාව විසින් ඉරාන ජාතිකයින් පිරිසක් සමග ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 279 කින් යුත් මත්ද්‍රව්‍ය තොගයද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය සමග මිශ්‍රකර ඇති බවද අනාවරණය වී තිබේ. තවද ඇතැම් මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළදී පැකට් කර නැවත ජාවාරම්කරුවන්ට අළෙවි කර මුදල් උපයා ඇති බවටද සඳහන්.

මෙම ජාවාරමේ මූල්‍ය කටයුතු සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා සතුව තිබි ලක්ෂ 320 කට ආසන්න මුදලක් සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *