ජාතික විගණන පනතට ආංශික අධීක්ෂණ සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දෙන ලදී.

ආයතනයක විගණනයක් සිදු කිරීමේදී විගණකාධිපතිවරයා විසින් සොයා ගන්නා ලද ඕනෑම වංචාවක්, දූෂණයක් හෝ අයථා පරිහරණයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයකට පැමිණිලි කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම මෙම සංශෝධනයේ අරමුණයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *