ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන් සැමරේ

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම් උත්සවය අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්තවයෙන් පැවැත්විණි.

දෙවන ලෝක යුද සමයෙන් පසු 1944 වසරේ දී එනම් මීට වසර 77කට පෙර රටවල් 26ක එකතුවෙන් ගුවන්ග මන් නියාමනය සහ සම්බන්ධීකරණය සඳහා චිකාගෝ සම්මුතිය අත්සන් තැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) ආරම්භ කෙරිණ.

1948 ජුනි මස 01 වන දින ශ්‍රී ලංකාවට එම සංවිධානයේ සාමාජිකත්වය හිමි වූ අතර මේ වන විට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 193කි.

1912 වසරේ දෙසැම්බර් 07 වන දින ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයට නව සනිටුහනක් එක් කරමින් දේශීය ප්‍රථම ගුවන් ගමන කොළඹ තුරඟ තරග පිටියේ දී සිදු විය.

මෙම සිදුවීම් සිහිපත් කරමින් සෑම වසරකම දෙසැම්බර් මස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සැමරේ.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ උන්නතියට දැක්වූ දායකත්වය අගයමින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනෙකුට, කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තිබූ කාලපරිච්ජේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් තිදෙනෙකුට සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තවත් කිහිපදෙනෙකුට සම්මාන ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *