රණශුර පදක්කම් ලැබූ “සුනිල් රත්නායක” ජනපති සමාව යටතේ නිදහස්

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ, මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී ඇති යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන් පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බවට සාමාජ මාධ්‍ය වල වාර්තා පළ වේ. ඒ සම්බන්ධ ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් පවතී.

සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනෙකුට චෝදනා එල්ලවී ඇත්තේ 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කරනු ලැබූ ක්‍රියාන්විතයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවටයි. ඒ අනුව එවකට පැවැති රජය ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.

අනතුරුව එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් උසාවියෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම විය. සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරන ලදී. මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු වන අතර රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගත් අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *