ජනපතිගේ උපදෙස් මත බන්ධනාගාර රැඳවියන් 2961ක් ඇප මත නිදහස් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ අනුව අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත නිදහස් කර තිබේ. මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව රැඳවියන්ට සහන සැලසීමේ නිරීක්ෂණ ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරිණ.

දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප ලබාදී තිබුණද ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි, ඉතා සුළු වැරදි වලට සිරගතවූවන් හා දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති, ඉතා බරපතළ සෞඛ්‍ය ‍‍හේතූන්ගෙන් පීඩා විඳින දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන් සහ ඇප ලබාදීමක් හෝ චෝදනා ගොනුකර නඩු විභාගයක් සිදුකර නැති සිරකරුවන් පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගත් බව නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *