ජනතාව රුපියල් 20,000 ලබාදිය හැකි ක්‍රමය සජිත් පැහැදිළි කරයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය පැවැති කාලසිමාව තුළදී ජනතාව වෙනුවෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමට හැකි ක්‍රමවේදය පිළිබදව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

මෙම මූල්‍ය උත්තේජක පැකේජය කොවිඩ් වසංගතයට මුහුණ දුන් රටවල් රැසක්ම ජනතාවට ලබාදුන් බවත්, මෙරට ජනතාවට ද එම සහන පැකේජය ලබාදීමට හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව තුළ සිදුවන නාස්තිය, වංචාව, හොරකම හා දූෂණය නැවැත්වීම තුළින් මෙන්ම ප්‍රතිඵල රහිත ව්‍යාපෘති නැවැත්වීම මගින් ජනතාවට රුපියල් 20,000 ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැක බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *