මන්නාරම මුහුදු සීමාව ඔස්සේත් ලංකාවට කොරෝනා පැමිණීමේ අවදානමක්

ඉන්දියාව තුළ කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයත් තුළ ඉන්දීය ධීවරයින් මන්නාරම මුහුදු සීමාව ඔස්සේ මෙරට මුහුදු සීමාවට නිරන්තරයෙන් ඇතුළු වන තත්ත්වයක් පවතින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම තත්වය බරපතල අවදානමක් ලෙස සැලකිය හැකි බවයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ.මෝහන්රාස් මහතා පෙන්වා දෙන්නේ.

ආරක්‍ෂක අංශ ඇතුළු අදාල අංශවල සහභාගීත්වයෙන් යුතුව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු පවසා ඇත්තේ ඉන්දියාවේ සිට මෙරට මුහුදු සීමාවට හා දිවයිනට කිසිදු පුද්ගලයෙකුට ඇතුළු විය නොහැකි ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *