ජනතාවාදී ජනහිතකාමී අපි පොඩි මනුස්සයා වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාස

විරුද්ධ පක්ෂය ලෙස පැහැදිලි ලෙසම පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, සමස්ත ජනපරපුරේ හඬ බවට විපක්ෂය පත්වන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. එමෙන්ම ජනතාවගේ කරපිට පැටවීමට සුදානම් වන පීඩනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී වීදි සටන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා අවධාරණය කරයි.

එමෙන්ම පීඩනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර ජනතාව වෙත සහන ලබා දීමට කටයුතු කරන ලෙසත් වත්මන් රජයට බලකර සිටින බවත් මේ මොහොතේ අධිවේගී මාර්ග ඕන නැති බවත් අවශ්‍ය වන්නේ ජනතාවට නැඟිටීමට අත දීම බවද ඒ මහතා පෙන්වා දෙයි.

තවද සෑම පවුලකටම රුපියල් 20,000 ක දීමනාවක් ලබා දීමට කටයුතු කරන ලෙසත්, වැටුප් නොමැතිව රැකියා අහිමි වු කම්කරුවන්ට ආධාර ලබා දීමට කටයුතු කරන ලෙසටත් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *