ජනතාවට ජනපති කාර්යාලය හා සම්බන්ධවීමට විශේෂ වැඩපිළිවෙලක්

විවිධ අවශ්‍යතා වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ සේවා ලබාගැනීමට අපේක්‍ෂා කරන ජනතාවට තැපෑලෙන්, දුරකතනයෙන් මෙන්ම විද්‍යුත් තැපැල් සේවය ඔස්සේ ප්‍රතිචාර දැක්වීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. රටේ උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමේ ඇති අපහසුතා මග හැරීමට මෙම වැඩපිළිවෙල සම්පාදනය කළ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසා සිටින්නේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ 0114354550 සහ 011 2354550 යන දුරකතන ජනතාව සඳහා විවෘත කර තිබේ. එමෙන්ම 0112348855 යන ෆැක්ස් අංකය හරහාද, [email protected] යන විද්‍යුත් තැපෑල හරහාද සම්බන්ධ වීමේ හැකියාව පවතී.

ඔම්බුඩ්ස්මන් කාර්යාලය හා සම්බන්ධවිය හැක්කේ 0112338073 යන දුරකතන අංකය ඔස්සේයි. එම කාර්යාලය සමග [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේද සම්බන්ධ විය හැකියි.

ජනාධිපති අරමුදල සමඟ සම්බන්ධ වීමට නම් 0112354354 යන දුරකතන අංකය භාවිතා කළ හැකි අතර [email protected] එම අරමුදලෙයි විද්‍යුත් තැපෑල් ලිපිනයයි. එමෙන්ම 0112331243 යන ෆැක්ස් අංකයද ෆැක්ස් පණිවිඩ සදහා භාවිතා කළ හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *