ජංගම රථ වලින් වැඩි මිළට ද්‍රව්‍ය අලෙවි කරන්නන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ

අධික මිලට එළවළු හා පලතුරු විකුණන ජංගම වෙළෙඳ රථවල බලපත්‍ර තහනම් කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය මේ බව සඳහන් කර ඇත.

එම බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යවසායකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම රැකෙන වැඩපිළිවෙලකට අවධානය යොමුකළ යුතු බව ය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය සඟ එළවළු හා පලතුරු මිල පානය කර, කාර්යක්ෂමය බෙදාහැරීම සඳහා තොරතුරු සඳහා තොරතුරු තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී එම අදහස් පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *