සංචරණ සීමා පිළිබඳව යුධ හමුදාපතිගෙන් නිවේදනයක්

දැනට පවතින ඔන්ලයින් ක්‍රමවේදය යටතේ රාජ්‍ය සේවකයින් තම රාජකාරී කටයුතු ඉදිරියේ දීත් නිවසේ සිට සිදුකළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට රට පුරා පනවා ඇති සංචරණ සීමා ජූනි මස 21 වන සඳුදා අලුයම 4 සිට ඉවත් කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

නැවත ජුනි මස 23 වන දා රාත්‍රී 10ට ක්‍රියාත්මක කරනු ලබන සංචරණ සීමා 25 වන දා අලුයම 4 ට ඉවත් කෙරේ.

කෙසේවුවද පළාත් අතර සංචරණ සීමා නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකව පවතින බව ද සඳහන් කර සිටි යුද හමුදාපතිවරයා, සඳුදා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව මහජන රැස්වීම්, උත්සව, සාද සහ මහජනතාව ඒකරාශී වීම් සඳහා අවසර නොමැති බවත් පැවසීය.

මේ අතර පෞද්ගලික අංශයේ ආයතන අවශ්‍යතාවය පරිදි සීමිත සේවක සංඛ්‍යාවක් සහිතව පවත්වාගෙන යා යුතුය.

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශවලට මුළුමනින් ම අනුගතව වෙළෙඳසැල් විවෘත කිරීමට ඉඩලැබෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *