ගොවීන්ගේ එළවළු තොග අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කෙරේ

දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ අද (11) දිනයේ සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක් මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් අහිංසක ගොවීන්ගේ අස්වනු ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිලට අලෙවි කිරීමේ ක්‍රමවේදයට තිත තැබීමට සහ ගොවීන් අනාරක්ෂිත ලෙස ගැවසීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ඔහු සදහන් කළේය. ඒ අනුව විශේෂ මිල ගණන් යටතේ එළවළු මිලදී ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *