ගුවන් හමුදාවෙන් උතුරු පළාතේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 4ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ඉදිකිරීමට විට පියවර ගෙන තිබේ.

ඒ අනුව වන්නි ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකොට ඇති අතර දැනට එහි පුද්ගලයින් 206 දෙනෙකුගේ නිරෝධායන කටයුතු සිදු කෙරේ. ඊට අමතරව කිලිනොච්චිය පලෙයි, ඉරණමඩු ප්‍රදේශයේත්, මුලතිව් දිස්ත්‍රීක්කයේත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරනු ලැබේ.

මෙම මධ්‍යස්ථාන කළමනාකරණය කරනු ලබන්නේ ගුවන් හමුදාවේ වෛද්‍ය වෘත්තිකයින් විසින් වන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය ද ඊට ලබා ගැනෙයි.

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය වීමක් වශයෙන් නාවික හමුදාව මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *