ගුවන්යානා නොපැමිණීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මසකට මිලියන හයහමාරක පාඩුවක්

කොරෝනා වසංගතය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා නොපැමිණීම හේතුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුවට මසයකට රුපියල් මිලියන හයහමාරක ආදායමක් අහිමි වන බව පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී, වාණිජ වී. එස්. පොල්වත්තගේ මහතා කියා සිටින්නේ ගුවන් යානා නතර වීම හේතුවෙන් තෙල් ප්‍රවාහන දුම්රිය ධාවනය සීමා වීම නිසා මෙම ආදායම් අහිමිවී ඇති බවයි.

ගුවන් තොටුපළ විවෘතව තබන අවස්ථාවලදී මාසයකට තෙල් ටැංකි දාහක් පමණ ප්‍රවාහනය කෙරෙන බවත්, මේ වන විට සතියකට තෙල් ටැංකි 25ක් පමණ ප්‍රවාහනය කරන අතර, ගුවන් යානා වැඩිපුර පැමිණෙන අවස්ථාවල දී සතියකට තෙල් ටැංකි 35ක් පමණ රැගත් දුම්රිය ධාවනය කිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, මේ වන විට සතියකට තෙල් දුම්රිය ගමන්වාර හතරකට සීමා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *