ගී රැජිනට අවසන් ගෞරව දක්වන්න මහා පිරිස්

හෙළ  ගී රැජින ගීත කෝකිලාවිය, කලාසූරි  ලතා වල්පොල මහත්මියගේ දේහය අවසන්ගෞවර දැක්වීමට කලාකරුවන්, දේශපාලකයන් සහ ඇගේ රැසික රසිකාවින් විශාල පිරිසක් මේ වන විට බොරැල්ල ජයරත්න රෙස්පෙට් මලා ශාලාවක පැමිණෙමින් සිටිති.

ලතා වල්පොල ගීත කෝකිලාවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව දෙසැම්බර්  31 වන බදාදා සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ලතා වල්පොල මහත්මිය  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *