ගජ මුතු 02ක් සමග අයෙකු අත්අඩංගුවට

බේරුවල පත්ත කඩේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට ළඟ තබාගෙන තිබූ ග්‍රෑම් 17කට වැඩි බරකින් යුතු ගජ මුතුදෙකක් සමග  සැකකරුවෙකු බේරුවලදී  අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

අගුණ කොළ පැලැස්සේ පදිංචි හැවිරිදි   සැකකරු මෙම වටිනා ගජමුතු දෙක  අලෙවි කිරීමට පෙර ගිවිසගෙන  පැමිණ ඇති අතර යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බේරුවල පොලිසිය මෙම වැටලීම සිදුකර සැකකරු සමග නඩු භාණ්ඩ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසියේ උසස් නිලධාරියකුු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු (30) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නව රත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන, ඇතුළු කණ්ඩායමත් සැකකරුවත් අඩංගුවට ගෙනන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *