ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පවත්වයි

සංගමන්කන්ද තුඩුවට ආසන්න, ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ MT-New Diamond නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි.

එමෙන්ම ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මේ බව තහවුරු කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක්ද නිකුත් කර තිබේ.
ඊයේ රාත්‍රී 7.00 පමණ වන විට MT New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ. එමෙන්ම ගිනි ගත් ඉන්ධන නෞකාව ගොඩබිම දෙසට ඇදී ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *