ගල්කිස්සේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරයි.

ගල්කිස්ස, ද සේරම් පාරේ දෙමහල් නිවසක් තුළදී 55 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඊයේ සවස තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

පෞද්ගලික ආරවුලක් මත ඔහුගේ මස්සිනා විසින් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි ඔවුන් පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳගේ සොහොයුරා සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දේපළ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *