ගම්මන්පිලට විරුද්ධව විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය සාකච්ඡා කිරීම අද

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව අද දිනයේ තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මීට අමතරව ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම පිළිබඳව ද අද දිනයේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තිරණය කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *