ඊයේ නිරෝධායන නීති කැඩූ 339ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම්වලට අදාළව රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 339 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඒ අතරින් වැඩිම පිරිස් වන 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන් බවය.

මේ අනුව නිරෝධායන රීති ක්‍රියාත්මක කෙරුණු පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 47,579ක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *