ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය

ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය 24 වැනිදා වනවිට කොරෝනා වෛරස අසාධිතයින් 05 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ කොරොනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102ක් දක්වා ඉහළ යනු ලැබුවා.

මේ වන විට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අතර විදේශිකයින් 06 දෙනෙකුද වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *