ගතවූ පැය 24 තුළ ඉතාලියේ කෝවිඩ් මරණ සංඛ්‍යාව 793 ක්

කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ලවී ඇති ඉතාලියේ ගතවූ පැය 24 තුළ මියගිය ආසාදිතයන් සංඛ්‍යාව 793 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවද වනවා. මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලි ජාතිකයන් 4825ක් මරණයට පත් වී ඇති බවට වාර්තා වේ.

ඊයේ දිනය ඇතුලත එරටින් නව ආසාදිතයන් 6500ක් වාර්තා වූ අතර මේ වනවිට ඉතාලියේ මුළු ආසාදිතයන් ගණන 53,500 බව ගණන් බලා තිබෙනවා. කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ වාර්තා වන්නේ යුරෝපානු කලාපයෙන්.

කොරෝනා අසාදනයෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව මේ වන විට 13,017 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 306,677 ඉක්මවා තිබේ. මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 91,533ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *