ගංඟා වල ජල මට්ටම පහළ ගියද ගංවතුර බැස යාම සෙමින්

ඉහළ ගිය ප්‍රධාන ගංගාවල ජල මට්ටම් මේවන විට ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවස‍යි.
දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ආපදා තත්ත්වයේ අඩු වීමක්ද පෙන්නුම්කරන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසුවේය.
කැළණි කළු සහ අත්තනගලු ඔයේ මේ වන විට පවතින ජල මට්ටම් පිලිබද කරුණු පැහැදිලි කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා ආපදා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ එස් ටී සී සුගීෂ්වර සදහන් කළේ පවතින ගංවතුර තත්තවය ඉතා සෙමෙන් පහව යමින් ඇති බවය.
දිස්ත්‍රික්ක 09 කට පැනවූ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත.
ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සහ කෙළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා පැනවූ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය මෙලෙස දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *