කොවිඩ් 19 රෝගීන් සදහා නාවික හමුදාව විසින් රාගම රෝහල අළුත්වැඩියා කෙරේ

නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් රාගම රෝහල කොවිඩ් 19 වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමේ කටයුතු අද (22) දින ආරම්භ කෙරුණි. ඒ අනුව එම රෝහලෙහි දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහලෙහි දැඩිසත්කාර ඒකකය අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමට කටයුතු කරමින් පවතී.

මෙම අළුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර රෝහලේ අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදා සාමාජිකයින් ඉතා කඩිනමින් අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා නාවික හමුදාව මේ වන විට තම උපරිම සහයෝගය ලබා දෙමින් සිටී.

ඡායාරූප: ශ්‍රී ලංකා නාවික හමුදා වෙබ් අඩවියෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *