කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් 30ක් සූදානමින්

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මුලින්ම රෝහල් 18ක් හඳුනාගෙන තිබූ බවත් මේ අවස්ථාව වන විට රෝහල් 30ක් හඳුනාගෙන ඇති බවත් එම රෝහල් මේ වනවිට සූදානම් තත්වයේ ඇති බවත් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවැසුවාය.

එමෙන්ම දැඩි සත්කාර ඒකක වැඩිකිරීමට මේ වන විට තීරණය කර ඇති බවත් රෝහල් සඳහා අවශ්‍ය ආරක්ෂක මෙවලම් ලබාදී ඇති බවත් තවදුරටත් ඒවා ලබාදීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *