“කොවිඩ් 19” නමින් අරමුදලක් පිහිටුවීමට පියවර

කොවිඩ් 19 ‍නව කෙරෝනා වෛරසය රට තුළ පැතිරයාමත් සමඟ “කොවිඩ් 19” නමින් අරමුදලක් පිහිටු වීමට තීරණය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක ජනාධිපති අරමුදල යටතේ අතුරු අරමුදල ලෙස මෙය පිහිටවනු ලැබේ.

මෙම නව අරමුදල සඳහා දෙස් විදෙස් පරිත්‍යාගශීලින්ගේ පරිත්‍යාගයන් ද යොදා ගැනීමට තීරණය වී ඇත. කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය විසින් ගනු ලබන පියවරයන් ශක්තිමත් කිරීමට මෙම අරමුදල තුළින් බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *