“කොවිඩ්-19” ට එරෙහි සටනට දේශීයව උපකරණ නිපදවන්නන්ට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අතහිත

“කොවිඩ්-19” වසංගතයෙන් ශ්‍රි ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින රාජ්‍ය අංශ හා එක් වෙමින් එම මෙහෙයුමට දායකත්වය දක්වන කර්මාන්ත කරුවන්ට සහ නව නිපැයුම්කරුවන්ට සියලු පහසුකම් සලසා දිමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත්ව සිටියි.

කොරෝනා ව්‍යාප්තිය සමග මෙරට සෞඛ්‍ය අංශ වලට අත්‍යාවශ්‍ය වන දැඩි සත්කාර ඒකක ඇදන්, කෘතිම ස්වසන යන්ත්‍ර ආදී උපකරණ දේශීයව නිපදවිමට බොහෝ කර්මාන්තකරුවන් ඉදිරිපත්වන මේ අවස්ථාවේදී ඒ සදහා ඔවුන්ට අතහිත ලබා දෙන ලෙසටත් කොරෝනා වසංගත තත්වය මෙරටින් පහව ගිය පසු අවශ්‍ය වන කාර්මික නිෂ්පාදන මෙරටදීම නිපදවා ගැනීමට උනන්දු වන හා ඉදිරිපත් වන පිරිස් කල්තියා හදුනාගන්නා ලෙසටත් විමල් වීරවංශ මහතා ලබා දි ඇති උපදෙස් අනුවත් ඉහත කාර්යයන් සදහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් වූ බව එහි සභාපති උපසේන දිසානායක මහතා පවසයි.

එවැනි කර්මාන්ත කරුවන් හා නව නිපැයුම්කරුවන්ට කාර්මික සංවර්ධන මණ්ඩලය හා සම්බන්ධ වීම සදහා ක්ෂණික දුරකතන අංක දෙකක් ලබා දී ඇත.

0718063292 – කෝලිත, 0714288473 – ශ්‍රීමාල්
(සතියේ දිනවල රාජකාරී වේලාවන් තුළ මෙම අංක ක්‍රියාත්මක වේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *