කොවිඩ් ව්‍යසනයට මුහුණ දුන් ආකාරය අනුව ලෝක බලවතුන් අභිබවා ලංකාව ඉදිරියෙන්

කොවිඩ්-19 වෛරසය පාලනයට නිසි නායකත්වයක් ලබා දීමෙන් “බෝවන රෝග සඳහා ගෝලීය ප්‍රතිචාර (GRID) දර්ශකයේ” ඉහළ තක්සේරුවක් ලබා ඇති රටවල් අතරින් 10 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. ඒ ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් “කොවිඩ්-19 අර්බුදයේ ගෝලීය නායකත්ව ප්‍රතිචාරය සොයා ගැනීම” යන ශීර්ෂය යටතේ ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුවයි.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පදනම් කර ගෙන ඇත්තේ කොවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂමව හා පලදායී ලෙස පවතීද යන්නයි.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සතුව ඇති නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධති හේතුවෙන් රට සතුව ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් පවතින බවත් වෛරසය පිටුදැකීම සඳහා එය මනා පිටිවහලක් වී ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *