කොවිඩ් එරෙහි සටනට උරදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

කොවිඩ්-19 වසංගතය හමුවේ තම ජීවිත අවදානම ගැනද නොතකා ජනතාව වෙනුවෙන් සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු, දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 749 දෙනෙක් හා ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරු පැදි බෙදා දෙනු ලැබීය. 2015 වසරේ සිට කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරු පැදි ලැබී නොතිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී වසර 02ක පූර්ණ කාලීන පාඨමාලාවකට යොමු කෙරෙන අතර, පුහුණු කාලය දීර්ඝ කර උපාධියක් ගැනීමේ අවස්ථාව පිළිබඳවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

Image may contain: 1 person, standing, sitting, beard and outdoor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *