කොවිඩ් අවධානම් ප්‍රදේශ වල හැර අන්තර් පළාත් බස් ධාවනය හෙට සිට

හෙට (20) සිට අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල හැර සෙසු සාමාන්‍ය පළාත් අතර බස් රථ ධාවනය සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් වලට යටත්ව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ පොදු ප්‍රවාහණය තවමත් විවෘත කර තිබෙන්නේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් සඳහා පමණක් බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළත් කොවිඩ් 19 සම්බන්ධව යහපත් තත්ත්වයක් රට තුළ පවතින්නේ නම් ලබන සඳුදා දින (25) සිට රට යථා පරිදි පවත්වාගෙන යාමට හැකි වෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *