කොරෝනා මීළඟ ගොදුර අප්‍රිකාව විය හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ඉකුත් සතියේදී කොරෝනා ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමගම කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය අප්‍රිකා මහද්වීපය බවට පත්වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඒ අනුව අප්‍රිකාවෙන් පමණක් පුද්ගල මරණ ලක්ෂ 3 ක් පමණ වාර්තා විය හැකි බවටත් තවත් කෝටි 3 ක පමණ ජනතාවක් දිළිඳු භාවයට පත්විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

එමෙන්ම අප්‍රිකා මහද්වීපයේ ජනාකීර්ණ නගර වෙත වෛරසය සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවටත්, වෛද්‍ය උපකරණ හිගය හේතුවෙන් එය පාලනය අසීරු විය හැකි බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *