කොරෝනා පරීක්ෂා කරන උපකරණ කට්ටල 20,064ක් චීනයෙන් මෙරටට

මෙරට කොරෝනා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ කට්ටල 20,064ක් ඊයේ දිනයේ චීනය විසින් මෙරටට රැගෙන එනු ලැබුවා. අදාළ උපකරණ රැගත් MU231 දරණ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය චීනයේ ෂැංහයි සිට ඊයේ සවස දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා වෛරස් ආසාදනය සහතික කළ හැකි (පී.සී. ආර්) මෙම පරීක්ෂණ කට්ටල තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දහසක් පමණ වන බවට වාර්තා වන අතර ආසියාකරයේ ධනවත්ම ව්‍යාපාරිකයකු වන ජැක්-මා (Alibaba) විසින් මෙම පරීක්ෂණ කට්ටල තොගය පරිත්‍යාග කර තිබේ. ඉදිරි සතියේ තවත් පරීක්ෂණ කට්ටල 20,000ක් ලංකාවට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *