රටෙහි පවතින කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගු කාලීන ලෙස සහන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළ යුතු බවටයි විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
සජිත් පේ‍්‍රමදාස මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් වැඩිවශයෙන් පීඩාවට පත්ව සිටින මිනුවන්ගොඩ ඇතුලූ අනෙකුත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් දීමනාවක් හෝ ද්‍රව්‍යමය සහනයක් රජය විසින් මෙතෙක් ලබාදී නොමැති බවයි.
එමෙන්ම රට තුළ කොරෝනා දෙවන රැල්ලක් ඇති වූයේ රජයේ නොසැලකිල්ල හේතුවෙන් බවත්, පීඩාවට පත් ජනතාවට රජයක් වශයෙන් කිසිදු තැකීමක් සිදුකර නොමැති බවටත් විපක්ෂ නායකවරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.