කොරෝනා නිසා ජා ඇල සුදුවැල්ලේ බුද්ධි මෙහෙයුමක්

ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් 28 දෙනා ඇසුරු කළ තවත් 52 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. මූලික සෞඛ්‍ය පරීක්‍ෂණ වලින් පසු එම පිරිස ඔලුවිල්හි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

මීට පෙර ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ සිටි පුද්ගලයින් 28 දෙනෙකු ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අතර ඉන් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බැවින් ඔවුන් ඇසුරු කරන ලද අනෙකුත් පුද්ගලයින් සොයා බුද්ධි මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අනුව ජා-ඇල හා මාකේවිට ප්‍රදේශ වලින් පුද්ගලයින් 52 ක් සිය භාරයට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *