කොරෝනා ආසාධිතයකු IDH රෝහලෙන් පැන යයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පැන ගොස් තිබේ.

එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි මොහු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකුද වේ. එමෙන්ම මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවටයි පොලිසිය පවසන්නේ.

ත්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වම් කකුලේ තිබෙන ආබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 119 කෙටි දුරකථන අංකයට හෝ,

0718591017
0718592290
0718591864

යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුගේ ඡායාරූපයක් පහතින් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *