දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද අසනීප වෙයි

අද (24) දිනය වන විට 08 වැනි දිනටත් ක්‍රියාත්මක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් අද දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසනීප නිවාඩු වාර්තා කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ගොඩනැගිලි අයදුම් පත්‍ර පරීක්ෂාව, වෙළඳ සැල් පරීක්ෂාව, ආහාර සෞඛ්‍ය කටයුතු පරීක්ෂාව, කැළිකසල කළමනාකරණ කටයුතු ආදී කටයුතු රාශියක් අඩපණ වනු ඇතැයි ද ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *