කොරෝනා ආසාදිත දෙවන මරණයත් වාර්තා වෙයි

මීගමුව රෝහලට ඇතුළත් කර සිටි නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයෙකු මියගොස් තිබේ.

මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මීගමුව රෝහලට ඇතුළත් වූ මෙම පුද්ගලයා සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් සිදුකළ විමර්ශනවල දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *